මිලිමීටර් 50ක වැස්සක දී පවා නායයෑමේ අවදානමක් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන කියයි

මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයක දී පවා නායයෑම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන අවදානම් නිවේදන අනුව කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා අවධාරණය කළේය

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ තවදුරටත් අවදානම් සහිත බැවින් ඉදිරි මෝසම් වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් අවදානම් විය හැකි බව ද ඔහු පැවසුවේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාණයේ පැවති ‘මෝසම් පෙර  සුදානම් දැනුවත් කිරීමේ වැඩසටහන’ නම් වැඩසටහනේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website