අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වන දා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (11) තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
අම්බුළුවාවේ දි. මු. ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.
පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ඉඩම සඳහා වූ අනුමැතිය බලරහිත කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ඒ. දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, මහනුවර දිසා ලේකම්වරයා, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහා භාරකාරවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.













