දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSMEs) සහාය වීම සඳහා ඒකාබද්ධ ණය වැඩසටහනක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී ඇත.
RE–MSME ආපදා සහන ලෙස නම් කර ඇති මෙම යෝජිත යෝජනා ක්‍රමය, කාර්මික හා නිෂ්පාදන ආයෝජන සඳහා SMILE III, පරිසර හිතකාමී මූල්‍යකරණය සඳහා E-FRIEND II සහ රජය විසින් අරමුදල් සපයනු ලබන වත්මන් RE–MSME වැඩසටහන ඇතුළුව පවතින සහනදායී ණය පහසුකම් කිහිපයක් එකට ගෙන එයි. ඒකාබද්ධ මුලපිරීම 2026 සිට RE–MSME PLUS ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙම යෝජනා ක්‍රමය ව්‍යවසායකයින් 130,000කට පමණ ක්ෂණික හා මධ්‍ය කාලීන මූල්‍ය ආධාර ලබා දීමට අපේක්ෂා කරන අතර මාස හයක් දක්වා සහන කාලයක් සහිතව සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයකට ණය ලබා දෙනු ඇත. වැඩසටහන යටතේ, ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට රුපියල් 250,000ක් දක්වා ණය ලබා ගත හැකි අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට රුපියල් මිලියනයක් දක්වා ණය ලබා ගත හැකිය.
දිට්වා සුළි කුණාටුවෙන්විනාශයට පත් ව්‍යාපාරවලට උපකාර කිරීම සහ MSME අංශයේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම නව වැඩසටහනේ අරමුණ බව අදාළ කැබිනට් සංදේශයේ සඳහන් විය.












