Rebuilding Sri Lanka වැඩසටහන වෙනුවෙන් ලොව පුරා රටවල්වලින් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර

Rebuilding Sri Lanka  වැඩසටහන වෙනුවෙන් රටවල් ගණනාවකින් මූල්‍යමය වශයෙන් සහ භාණ්ඩ වශයෙන් ආධාර රැසක් ලබා දී ඇතැයිද තවදුරටත් ආධාර ලැබෙමින් පවතින බව ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දුන් තොරතුරු අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,  එංගලන්තය,  මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය,  නේපාලය, ස්විට්සර්ලන්තය, කැනඩාව, අයර්ලන්තය,  කොරියාව ආදී රටවල් මෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙසේ මූල්‍ය ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බවද ලේකම්වරයා පැවසීය.

එසේම ව්‍යසනය සිදු වූ වහාම ඉන්දියාව, පාකිස්ථානය වැනි රාජ්‍යයන් භාණ්ඩමය ආධාර ලබා දුන් අතර මාලදිවයින, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය,  එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ  කටාර් ආදී රටවල් රැසක් භාණ්ඩමය ආධාර ලබා දී ඇති බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website