අනුරපුරේ සත්ත්ව ගොවිපොළකින් හමු වූ පරිභෝජනයට නුසුසුදු මස් කිලෝ 12,000කට මුද්‍රා තබයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  සත්ත්ව ගොවිපොළක තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කිලෝ 12,000ක පමණ ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්  අද (7) මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926 ) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම මස් තොගය හමු වූ  බව ද ඔහු පැවසුවේය.

ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මෙම මස් තොගය විනාශයට පත්ව ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website