කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකු ද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.












