දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමා වූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් යළි අවධාරණය කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය.








