දිට්වා සුළි කුණටුව හේතුවෙන් බිඳ වැටුණු කර්මාන්ත නැවත පණ ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා හානියට පත් ව්‍යාපාර සම්බන්ධ නිවැරදි තොරතුරු දෙසැම්බර් 16 වන දිනට පෙර කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අදාළ කර්මාන්තවරුවන්ගෙන් සහ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
අදාළ තොරතුරු ඇතුළත් කිරීම, www.industry.gov.lk වෙබ් අඩවිය හරහා කළ හැකි අතර අවශ්‍ය සහයෝගය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිටින කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හරහා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.











