දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම සිසු සිසුවියක වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.
- Loading stock data...











