ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා පොලීසිය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙන බව පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා පවසයි.
මේ වන විට දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇති බව ද ඔහු පැවසීය.
ඒ අනුව, මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙකදී, අධ්යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා – 071-8591868 යන දුරකථන අංකය ඔස්සේ ජීවිතාරක්ෂක කටයුතු වෙනුවෙන් සහාය ලබාගත හැකිය.











