කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට බාධා

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ වනවිට මාර්ග කිහිපයක ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් වාර්තා වන බව පවසන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිට අවහිර වී තිබෙන මාර්ග වන්නේ,  ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේ සහ කැප්පෙටිපොළ මාවත, ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නය, ඇල්විටිගල මාවත, රැජින පාර හන්දිය සහ කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල කොටස් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website