ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

Sri Lanka Weather Map

2025 නොවැම්බර් මස 28 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති “දිට්වා” [Ditwah] සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 km ක් දකුණු දෙසින්, අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත.

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශා වලින් හමා එයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් එම වෙරළ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website