අසාමන්‍ය සෘතුමය වැසි අග්නිදිග ආසියාව වනසයි

තායිලන්තයේ සමහර ප්‍රදේශ වාර්තාගත ගංවතුර තත්ත්වයකට මුහුණ දී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය සතිය තුළ තායිලන්තයේ දකුණේ පළාත් 10කට ජලගැල්ම බලපෑ අතර, මැලේසියාවට මායිම්ව පිහිටි ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන හැට් යායි නගරයට වසර 300 කට පසු වැඩිම වර්ෂාපතනයක් (එක් දිනක් තුළ මිලිමීටර් 335ක්) වාර්තා විය.

නොනවතින වැසි අසල්වැසි රටවලට ද හානි කර තිබේ. වියට්නාමයේ  සතියක් තුළ මරණ සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් ඇති  අතර මැලේසියාවේ 19,000කට අධික පිරිසකට තම නිවෙස්වලින් ඉවත් වීමට බල කෙරී ඇත.

ඉන්දුනීසියානු ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සියට අනුව, ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි නායයෑම්වලට ලක්ව අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු පමණ වැළලී ඇත.

තායිලන්තයේ මිලියන 2කට අධික ජනතාවක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇතත්, 13,000ක් පමණක් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇත.

තායි හමුදාව පැවසුවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහ සහන සැපයුම් පටවාගත් බෝට්ටු 14කින් යුත් නැව් සමූහයක් මෙන්ම දිනකට ආහාර වේල් 3,000ක් ලබා දිය හැකි බව කියන ක්ෂේත්‍ර මුළුතැන්ගෙයක් ද පිටත් කර හැරීමට සූදානම් වන බවයි.

අවශ්‍ය නම්, ගුවන් යානා නෞකාවේ සිටින වෛද්‍ය කණ්ඩායම් එය “පාවෙන රෝහලක්” බවට පරිවර්තනය කරනු ඇතැයි නාවික හමුදාව පවසයි.

අග්නිදිග ආසියාවේ මේ කාලයේදී අධික සෘතුමය වැසි ඇද හැලීම සාමාන්‍ය දෙයක් නමුත් මේ වසරේ කලාපයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගංවතුර මට්ටම් දක්නට ලැබේ.

මූලාශ්‍රය: බීබීසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website