9-Arch පාළම අලෝකකරණ ව්‍යාපෘතිය ගැන අලුත්ම තීන්දුව

පෞද්ගලික ඉඩමක් හරහා විදුලි රැහැන් සවි කිරීම සම්බන්ධ ගැටලු හේතුවෙන් දෙමෝදර ආරුක්කු 9 පාලම ආලෝකකරණ ව්‍යාපෘතිය විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන්කුරේ පැවසීය.

ඓතිහාසික පාලම සහ ඒ අවට පරිසරය ආලෝකමත් කිරීම සඳහා ඉදිකරන ලද ට්‍රාන්ස්ෆෝමරයට විදුලිය සැපයීම සඳහා අවශ්‍ය විදුලි රැහැන් එලීමට ඉඩම් හිමියන් විරුද්ධ වීමත් සමඟ මෙම ප්‍රමාදය ඇති වූ බව ඔහු පැවසීය.

අවශ්‍ය කේබල් ලබා ගැනීම සඳහා විකල්ප සැලැස්මක් සකස් කර ඇතත් එය තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක කාර්යයක් බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘතිය හවුල්කාරිත්ව ව්‍යාපාරයක් ලෙස දියත් කිරීමට සූදානම් වන බවත් ආචාර්ය නිලන්කුරේ  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website