පහළ කඩුගන්නාව නාය යාම – කොළඹ – මහ නුවර විකල්ප මාර්ග මෙන්න

ඉදිරි පැය 24ක කාලය තුළත් කොළඹ – මහ නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගන්නා බව ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

කොළඹ – මහනුවර මාර්ගය භාවිත කරන රියදුරන්ට මේ සඳහා පහත දක්වා ඇති විකල්ම මාර්ග භාවිත කළ හැකි බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව, කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වාත්‍, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොලඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා මෙන්ම කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇතැයි ද එහ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website