
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද (22) උදෑසන 09.00ට පමණ සිදුවූ නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට සිරවී සිටින අනෙකුත් පුද්ගලයන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
මෙම ප්‍රදේශයේ තවත් නායයෑම් සිදුවීමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසීමෙන් වළකින ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ මෙම ප්‍රදේශයේ අවදානම සම්බන්ධයෙන් මීට පෙර ද වාර්තාවක් නිකුත් කර තිබූ බව යි.
මේ අතර, කොළඹ-නුවර මාර්ගයේ මෙම නායයෑම සිදුවූ ප්‍රදේශය හෙට දිනය දක්වා වසා ඇති බව පොලිසිය පවසයි.












