ලියාපදිංචි කරන ලද ඖෂධ මිල ගණන් ගැන සෞඛ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඖෂධ මිල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැසට් නිවේදනයට අනුව ඉදිරියේදී  අලුතින් ලියාපදිංචි කරන ලද සහ ලියාපදිංචි කළ සියලුම ඖෂධවල මිල අඩුවන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඖෂධ මිල සම්බන්ධයෙන් නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය අලුතින් ලියාපදිංචි කරන සහ ලියාපදිංචිය අලුත් කරන ඖෂධ සම්බන්ධයෙන් MRP සහ MCP යන අගයන්  දෙකට අනුව මිල නියම කරන බව ද ඔහු පැවසුවේය.

මෙම මිල සූත්‍රයට අනුව තවත් මාස කිහිපයකින් ලංකාවේ භාවිතා වන සියලුම  ඖෂධ ලියාපදිංචි කළ යුතු වන බවත් ඒ අනුව ඖෂධ මිල අඩු විම සිදු වන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් විශේෂ බලතල පැවරි ඇති බවත් ඒ අනුව කටයුතු කරන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදි එම මිල ගණන් සම්බන්ධයෙන් ජනතාවට දැනුවත් කිරීමටත් ඒ අනුව කටයුතු නොකරන ඖෂධ අලෙවිසැලවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website