ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් තවත් ලෝක වාර්තාවක් – නවතම වාර්තාව මෙන්න !

ශ්‍රී ලංකාවේ පිරිමන් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය මෙරට කාන්තාවන් සිය දිවි නසා ගැනීමේ අනුපාතයට සහ ගෝලීය සාමාන්‍ය අනුපාතයට වඩා ඉතා ඉහළ අගයක පවතින බව ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් හෙළි කරයි.

එම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින් මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝගවලින් පීඩා විඳීම මෙම තත්ත්වය බරපතළ වීමට හේතු වී ඇති බවයි.

2022 දී සිදු කරන ලද WHO අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් 100,000කට 27ක් සහ කාන්තාවන් 100,00‍කට පස් දෙනෙකු සියදිවි නසා ගන්නා අතර සමස්ත සියදිවි නසා ගැනීමේ අනුපාතය ජනගහනය 100,000කට 15කි.

එම පවසන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ගේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ගෝලීය සාමාන්‍ය සියදිවි නසා ගැනීමේ අනුපාතය වන ජනගහනය 100,000 කට 10.5 ට වඩා ඉහළ බවයි.

මෙම අධ්‍යයනයට අනුව සියදිවි නසා ගැනීමේ අනුපාතය වයස සමඟ ඉහළ යන අතර වැඩිම පිරිසක් (69.9ක්) සියදිවි නගා ගන්නා එල්ලීම තුළිනි. පළිබෝධනාශක ස්වයං-විෂ වීම (සියයට 14.0), වෙනත් ක්‍රම (සියයට 12.2) සහ පළිබෝධනාශක නොවන ස්වයං-විෂ වීම (සියයට 3.9) නිසා සිදු වූ බව ද මෙම වාර්තාව හෙළිකර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ “ගෝලීය වශයෙන් සෑම මරණ 100 න් එකකට වඩා සියදිවි නසාගැනීම් සිදු වන අතර, සියදිවි නසාගැනීමෙන් සිදුවන සෑම මරණයක් සඳහාම සියදිවි නසාගැනීමේ උත්සාහයන් 20 කට වඩා තිබෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 දී ඇස්තමේන්තු කර ඇති පරිදි 703,000 ක් සියදිවි නසාගැනීම් වලින් මිය යති. මෙම මරණවලින් 77%ක් පහළ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වූ බවත්, වයස අවුරුදු 15-29 අතර පුද්ගලයින් අතර මරණයට සිව්වන ප්‍රධාන හේතුව ලෙස සියදිවි නසා ගැනීම පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website