උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේදැයි දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.
ඖෂධ 500කට සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බව ද විජේවික්‍රම මහතා පැවසුවේ.
පසුගිය දා පාර්ලිමේන්තුව සම්මත කරන ලද නව මිල සූත්‍රය අනුව මිල නියම කිරීමෙන් ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් විශාල ලෙස මිල අඩු වූ බව කී සභාපතිවරයා එම වාසිය ජනතාවට ලැබෙනවා ද යන්න පිළිබඳ එම විමර්ශනවලදී සොයා බලන බව ද කීවේය.
නියමිත උපරිම මිල ඉක්මාව ඖෂධ අලෙවි කරන ඖෂධ හල් වලට එරෙහිව පියවර ගන්නා බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේය.











