අයවැය විවාදය: බස් රථ ප්‍රවේ­ශ­පත්‍ර සඳහා කාඩ්ප­ත්ව­ලින් ගෙවන්න පුළුවන් වන දිනය ගැන ඇමැති බිමල් කියයි

බස් රථ ප්‍රවේ­ශ­පත්‍ර සඳහා කාඩ්ප­ත්ව­ලින් ගෙවීමේ ක්‍රම­වේ­දය මේ මාසය අව­සන් වීමට පෙර හඳුන්වා දෙන බව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. ඒ සඳහා අවශ්‍ය කට­යුතු මේ වන විට සිදු කර­මින් ඇති බවත් ප්‍රවාහන අමාත්‍යවරයා හෙළි කළේය.

ඇමැති බිමල් රත්නා­යක මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී තිළිණ සම­ර­කෝන් මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

ලංගම සඳහා ජුනි මාසය වන විට මෙට්‍රො­පො­ලි­ටන් බස් රථ මිලදී ගැනී­මට තීර­ණය කර ඇති බවත්, එම බස්ර­ථ­ව­ලට අවශ්‍ය කාර්ය මණ්ඩල මාර්තු සහ අප්‍රේල් මාසය වන විට බඳවා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website