වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා සහ සුභසාධන ගැටලු විසඳීමට රජය අපොහොසත් වීම තරුණ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංක්‍රමණය වේගවත් කළ හැකි බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අනතුරු අඟවයි.
වැටුප් හා දීමනාවල දිගුකාලීන විෂමතා තිබියදීත්, වෛද්‍යවරුන්ට ජීවත් වීමට පහසු වැටුපක් සහතික කිරීම සඳහා 2026 අයවැයෙන් කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බව ඔහු පැවසුවේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ වර්තමාන ඉහළ බදු ප්රතිපත්තියත් සමඟ වෛද්‍යවරුන් දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දෙන බවයි.විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන වෛද්‍යවරුන්ට මේ තත්ත්වය දැඩිව බලපාන බව වෛද්‍ය චමල් සංජීව පැහැදිලි කළේය.
“මැතිවරණ පොරොන්දු ඉටු නොවී තිබියදී, රජය වෘත්තිකයන් කෙරෙහි මෙතරම් දැඩි ආකල්පයක් පවත්වා ගැනීම තේරුම් ගත නොහැකියි. ජනාධිපතිවයා මේ සම්බන්ධයන් කඩිනමින් අවධානය යොමු කළ යුතුයි. ” ඔහු වැඩි දුරටත් පැවසුවේය.











