ඒ අනුව මේ සඳහා අයදුම්පත් www.eservices.wbb.gov.lk වෙබ් අඩවිය පිවිසීමෙන් හෝ ආකෘති පත්‍ර පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකය වෙත භාර දීම සිදුකළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
2023 වර්ෂයට අදාළ “ අස්වැසුම“ රජයේ සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ තොරතුරු අද (06) සිට නැවත යාවත්කාලීන කිරීම ආරම්භ කිරිමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇති බව ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
2002 වසරේ අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වැනි වගන්තිය අනුව වසරකට වරක් මෙම සුදුසුකම් ලැබූ තැනැත්තන්ගේ විස්තර යාවත්කාලීන කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව මේ සඳහා අයදුම්පත් www.eservices.wbb.gov.lk වෙබ් අඩවිය පිවිසීමෙන් හෝ ආකෘති පත්‍ර පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකය වෙත භාර දීම සිදුකළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මේ සඳහා වැඩිදුර විස්තර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් සහ 1924 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකි බව ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.