ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ(government partnership officer) මුස්තාෆා නිහ්මත් (Musthafa Nihmath) යන මහත්වරුන් ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු විය.

මෙහිදී 2023- 2027 දක්වා ලෝක ආහාර වැඩසටහනේ  උපායමාර්ගික සැලැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වූ අතර විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙල අනුව ලෝක ආහාර වැඩසටහන සමග ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙරට මව්වරුන්ගේ සහ ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ මන්ද පෝෂණ තත්ත්වයන් තුරන් කරමින් නියමිත පෝෂණයෙන් යුත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම උදෙසා ලෝක ආහාර වැඩසටහන ඉදිරියටත් දායකත්වය ලබාදෙන බවත්, මෙරට නිෂ්පාදනය කරනු ලබන ආහාරවලට නිසි වෙ‌ළෙදපොලක් ඇති කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම, මන්දපෝෂණය අඩු කිරීම සහ දේශගුණික හා ආර්ථික කම්පන හමුවේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ජාතික ප්‍රයත්නයන්ට සහාය වෙමින් ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දේශීය උපායමාර්ගික සැලැස්ම (2023-2027) ක්‍රියාත්මක කිරීමට නායකත්වය දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සිය කෘතඥතාව මෙහිදී ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් මහතාට පුද කරන ලදි.

එමෙන්ම මෙරට ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වන අවස්ථාවේ ආහාර පද්ධති නැවත ගොඩනැගීමට සහ සැමට ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරිමට දක්වන දායකත්වය වෙනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කරන ලදි.

1968 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රි ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණ සුරක්ෂිතතාව, ආර්ථික හා දේශගුණික අභියෝගයන්ට මුහුණ දෙන ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි සහාය ලබා දීම සිදු කෙරේ.

ලෝක ආහාර වැඩසටහනේ කටයුතු මෙරට රජය සමග සහයෝගයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් මෙරට රජයට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝඩ් මහතා සිය ප්‍රසාදය ද මෙහිදී පළ කරන ලදි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website