2025 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු වල වාර්තාගත වර්ධනයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින් 2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 67.6ක අගයක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කරන ලදී.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝදෙනෙක් විසින්, විශේෂයෙන් මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළත්ව, විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගත හැකි වෙමින් පවතින බව වාර්තා කිරීම හමුවේ සැප්තැම්බර් මාසයේ නව ඇණවුම් දර්ශකය තව දුරටත් ඉහළ ගියේය. තවද, ඉදිකිරීම් අංශය සඳහා ධනාත්මක අපේක්ෂාවන් ඇති කරමින් සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් දර්ශක සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website