වාහන ආනයන බදු 818%කින් ඉහළ ගියත් IMF නොසතුටින්

2025 වසරේ මුල් මාස නවය තුළ වාහන ආනයන බදු වලින් ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 349ක් උපයා ගත්ත ද එම වැඩිවීම ආදායම් පරිපාලනයේ ව්‍යුහාත්මක දියුණුවක් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

2025 වසරේ මුල් මාස නවය තුළ වාහන ආනයන බදු වශයෙන් රුපියල් බිලියන 349ක් උපයා ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම මූල්‍ය සමාලෝචන වාර්තාවේ දැක්වේ.  එම අදායම 2024 වර්ෂයේ දී රුපියල් බිලියන 38ක් වූ අතර 2025 දී 818%ක වර්ධනයක් වාර්තා කර ඇත.

මෝටර් රථ ආනයන වටිනාකම මෙම වසරේ ඩොලර් බිලියන 1.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය කලින් පුරෝකථනය කළ ඩොලර් බිලියන 1.2 ට වඩා ඉහළ අගයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය සතියේ පැවසීය.

මේ අතර පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සඳහන් කළේ රජයේ මූල්‍ය කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බවත්, එයට ප්‍රධාන වශයෙන් මෝටර් රථ ආනයන සඳහා වන බදු මගින් සහාය වන බවත්ය.

නමුත් වාහන ආනයන බදු වලින් ලැබෙන ආදායම් වැඩිවීම තාවකාලික ලෙස සලකනු ලබන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

චතුරී සමරවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website