මෙම මාසයේ පසුගිය සති තුන තුළ පමණක් සංචාරකයින් 120,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර් ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසන්නේ පසුගිය 23 වැනිදා දිනට සංචාරකයින් 119,670 දෙනකු මෙරටට පැමිණ ඇති බවය.
ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 1,845,164 දෙනකු මෙරටට පැමිණ තිබේ.
මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යෑමක් දක්නට ලැබුණ ද සංචාරකයින්ට අවශ්ය පහසුකම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා සුළු හා මධ්ය පරිමාණ සංචාරක ව්යවසායකයින්ගේ එකමුතුව පවසයි.
එහි සභාපති සමීර සේනක ද සිල්වා මහතා පවසන්නේ සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්රමවත් වැඩ පිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවය.
ඇම්.ඩී. ධර් මසිරි
- Loading stock data...







