දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3500 ක පමණ ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අනුව පසුගිය 23 වැනිදා එය පළමු තොගය දිවයිනට පැමිණි බව සඳහන් වේ.
මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව රේගුව සඳහන් කරයි.
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වැනිදා සිට ජී. ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබාදීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගැනුණි.
ආහාර ප්‍රතිපත්තිය හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදි මෙට්‍රික් ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනයට අවසර ලබාදෙනු ලැබීය.
මෙරට ඇස්තමේන්තුගත වාර් ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂිකව කීරි සම්බා පරිභෝජනය 10%ක් එනම් මෙට්‍රික් ටොන් 2ක් පමණ වේ.
ඇම්.ඩී. ධර් මසිරි
- Loading stock data...






