නුවරඑළියේ ඉඩම් මංකොල්ලයක්..! මහින්දා නන්දට අක්කර 30 | රංජිත් සියඹලාපිටියට අක්කර 50 | වඩිවෙල් සුරේෂ්ට අක්කර 50

හිටපු අමාත්යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් සියඹලාපිටිය, වඬිවෙල් සුරේෂ්, යන අය විසින් නුවරඑළියේ වටිනා ඉඩම් විශාල ප්රමානයක් අනීතිකව තමන් සන්ථක කරගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතා විසින් ප්රකාශ කරයි.

පසුගිය 23 දින පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම, ඉඩම් සහ පාංශු සම්පත් අමාත්යවරයාට ප්රශ්නයක් යොමුකරමින් මෙම ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳව කරුණු හෙළිකරන එම මන්ත්රීවරයා ප්රකාශ කරන්නේ ඉහත හිටපු අමාත්යවරුන් පිළිවෙලින් අක්කර 30,50,50 ලෙස නුවරඑළියේ ඉඩම් අනීතිකව තමන්ගේ නමට වෙන්කරගෙන ඇති බවය.

මෙහිදී ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ මෙම පුද්ගලයන්ට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන උපාලි ලියනගේ මහතා අක්කර 50ක බිම් කොටසක් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සතාසිවම් මහතා අක්කර 16ක බිම් කොටසක් ද නීතියට පිටින් සන්ථක කරගෙන ඇති බවය.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website