මේ දිනවල වෙළඳපොලේ දෙහි මිළ සිඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳසැල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිළ රුපියල් 2200 ක් 3200ක් අතර අධික මිළක පවතින බව පාරිභෝගිකයන් පවසති
පෑලියගොඩ සහ දඹුල්ල ආර්ථික මධ්යස්ථානවල දෙහි කිලෝවක තොග මිළ රුපියල් 1900ක් රුපියල් 2300 ක් අතර වන බවද වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට පෙර වෙළඳපොලේ දෙහි කිලෝවක මිළ රුපියල් 400ක් රුපියල් 600ක අතර මිළක පැවතිණි.
වෙළඳපොළේ උග්ර දෙහි හිඟයක් පැවතීම දෙහි මිළ ඉහළ යෑමට හේතු වී ඇති බව වෙළෙන්දෝ පවසති
ඇම්.ඩි. ධර්මසිරි







