ශර්මාගේ සුපිරි රථයට ඉන්දියාවේ තහනම්

ආන්දෝලානාත්මක සිද්ධි සමුදායක් සමග පසුගියදා නිමාවට පත් වූ ආසියානු ක්රිකට් රවුම් සැලය විසින් සංවිධානය කරන ලැබූ 2025 ආසියානු කුසලාන තරගාවලියේ ප්රහාරාත්මක පිතිකරන රටාවක් දියත් කරමින් ඉහල දක්ෂතා පෙන් වූ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක සුපිරි පිතිකරු අභිෂේක ශර්මා 2025 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ වටිනාම ක්රිඩකයා ලෙස දිනා ගත් සුඛෝපභෝගී SUV ජීප් රථය ඉන්දියාවට ගෙන ඒමේ නීතිමය හේතූන් මත තහනම් වී ඇති බව ඉන්දීය මාධ්ය වාර්තාකරයි.ඉන්දීය මෝටර් රථ නීති වලට අනුව එරට මාර්ගවලට ධාවන සඳහා දකුණු පැත්තේ සුක්කානම සහිත වාහන තිබිය යුතුව ඇති අතර ෂර්මා දිනාගත් ජීප් රථයේ සුක්කානම වම් පැත්තේ පිහිටා තිබීම නිසා එම ගැටලුව මතුවී ඇත.
එම හේතුවෙන් එම ජීප් රථය නීත්යානුකූලව ඉන්දියාවට ආනයනය කර ලියාපදිංචි කිරීමට හෝ නීත්යානුකූලව ඉන්දියාවේ මාර්ගවල ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

එම්.ඩි. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website