“කෝප්” සහ “කෝපා” යන පාර්ලිමේන්තු කොමිටි හමුවේ අල්ලස් හෝ දූෂණ සහ රජයේ මූල්ය දේපළ සාවද්ය පරිහරණය කළේ යැයි චෝදනාවට ලක්වන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශන දැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
නීතිපතිවරයාගේ අනුමැතියෙන් පසුව පොලිසිය හෝ කොමිසම මගින් පවත්වනු ලබන විමර්ශන සාර්ථකව ඉදිරිපත් කරනු ලබන අතර මෑතකදී සම්මත වූ ජාතික විගණන පනතට අනුව දූෂණය සහ අල්ලස තුරන් කිරීම සඳහා නීති දැඩි කිරීමේ පියවර ගැනීමට කොමිසම තීරණය කර ඇත.
රංජිත් ජයසූරිය







