පොදුජන පෙරමුණේ හිටපු සාමාජික සම්පත් මනම්පේරි අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදුකරමින් පවතින බවත් ඒ නිසා රගර් ක්රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ නව මානයකට හැරී ඇති බවත් සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කරයි.
තවමත් සිදුවන්නේ පරීක්ෂණ පමණක් බවත් ප්රකාශ කරන අමාත්යවරයා මෙහිදී විමර්ශන ආයතනයන්ගේ මූලිකම කාර්යභාරය මෙම ඝාතනය සම්බන්ධයෙන් සම්බන්ධතා හඳුනාගැනීම බවත් වැඩිදුරටත් ප්රකාශ කරයි.
මංජු කස්තුරිආරච්චි







