SLS සහතිකය නැතිව පාසල් බෝතල් බෑ

පාසල් සිසුන් හා කුඩා දරුවන් භාවිතා කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදනය කිරීම සහ වෙළඳපොළට නිකුත් කිරීමේදී SLS සහතිකය තිබීම 2026 අප්රේල් මස 1 වැනිදා සිට අනිවාර්ය බව වෙළඳ හා වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.
එසේම එදින සිට නියමිත ප්රමිතියෙන් තොර නිෂ්පාදන විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවද ඇමතිවරයා කියයි.
වෙළෙඳපොළෙහි කුඩා දරුවන්ට දියර කිරි ලබාදීමට භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් මෙන්ම පාසල් සිසුන් භාවිතා කරන කෑම පෙට්ටි හා වතුර බෝතල් විවිධ මිල ගණන් යටතේ අළෙවි කිරීම සිදු කෙරෙන බවද පැවසූ ඇතැම් ප්ලාස්ටික් උපකරණවල නියමිත ප්රමිති සහතිකය හෝ භාවිතා කිරීමට සුදුසු බවට සඳහන් කිසිඳු සලකුණක් දක්නට නොමැති බව ද කීය

ඇම්.ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website