හම්බන්තොට ප්රදේශයේ මාපියන් පිරිසක් අයිස් මත්ද්රව්ය අලෙවි කරන්නන්ට විරුද්ධව පසුගියදා (18) උද්ඝෝෂණයක නිරතව සිටියහ.
පාසල් යන වයස්වල පසුවන තම දරුවන්, අයිස් මත්ද්රව්යවලින් බේරා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම උද්ඝෝෂණය දියත් කොට තිබිණ.
අයිස් අලෙවි කරන මත්ද්රව්ය ජාවාරම්කරුවන් පාසල් අවට ගැවසෙන බවත්, දරුවන්ව ඒ සඳහා ඇබ්බැහි කරවන බවත් හඬා වැටෙමින් පැවසූ මාපියන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ මෙම ව්යාසනයෙන් තම දරුවන්ව රැක දෙන ලෙසයි.
දමයන්ති







