කිසිදු දේශපාලන පක්ෂයකට සියයට පණහ නොඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි නොවීම මත කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක පාලනය ස්ථාපිත කිරීමට නොහැකිවීමේ අර්බුදයක් පැන නැගීී ඇත.
මෙම 16 වැනිදා වන විට සියලුම පළාත් පාලන ආයතනවල ස්ථාවර පාලන බල සංයුතියක් ස්ථාපිත කළ යුතු අතර මේ වන විට බලය අත්පත්කර ගැනිම සඳහා මාලිමා ආණ්ඩුවත් විපක්ෂයත් අතර බල අරගලයක තීව්‍ර වෙමින් තිබේ.
කොළඹ මහනගර සභාවේ බලය තමන් වෙත අයිති කර ගැනීම සඳහා මේ වන විට මාලිමාවේ දේශපාලන නායකත්වය ජයග්‍රාහී ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ සහය අපේක්ෂා කරන තත්ත්වයක් තුළ විපක්ෂයේ සියලු පක්ෂ නයි මුගටි කෝන්තර හැර දමා ඒකරාශී වී මාලිමා පිල පරාජය කිරීමේ වෑයමක නිරතව සිටිති. කෙසේ වුවද මැතිවරණ කොමිසමට අනුව මෙම 16 වැනිදා වැනි දා සියලු ජයග්‍රාහී අපේක්ෂකයින්ගේ රහස් ඡන්දයෙන් කොළඹ පුරපති පත්කර ගැනීමට නියමිතව ඇත.
සටහන
රංජිත් ජයසූරිය
- Loading stock data...







