ජනාධිපති සමාව නොලබාම සමාව ලබලා.

ජනාධිපති සමාව යටතේ වෙසක් උත්සවය නිමිත්තෙන් නිදහස ලැබූ බන්ධනාගාර සිරකරුවන් අතර ජනාධිපති සමාව නොලද සිරකරුවකු ද සිටියේයැයි කියන පුවත අනුරාධපුර බන්ධනාගාර පරිශ්රයෙන් ඇවිස්සී ඒමත් සමග මින් පෙර ජනාධිපති ධූරය දැරුවන් වෙතින්ද ජනාධිපති සමාව නොලබාම සමාව ලබා නිදහස් වී ඇතැයි යන පුවතක රාවය දෝංකාර දෙන්නට පටන් ගෙන තිබේ.

ජනාධිපති සමාව ලබන්නට සුදුසුකම් හිමිකර ගැනීමේ නිර්ණායකවලට ඉඳුරාම පටහැනිව පසුගිය මැයි මාසයේ සිරගත වූවකු දින 10කට පමණ පසුව ජනාධිපති සමාව ලබා නිදහස් වූයේ යැයි යන හෙළිදරව්ව අජිත් පී පෙරේරා මන්ත්රීවරයා පාර්ලිමේන්තුව තුළ දී මතු කිරීමත් සමඟ සැබැවින්ම එවැන්නෙකුට ජනාධිපති සමාව ජනාධිපතිවරයා විසින් ලබා නොදුන්නේ යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වනවිට අනාවරණය කිරීමේ තත්ත්වය තුළ පෙර ජනාධිපතිධූර දැරුවන්ගේ කාල සීමාව තුළ ද මෙවැනිම ආකාරයේ සිදුවීම් සිදු වී ඇත්දැයි යන්න ගැන සැක සංකා මතු වෙමින් තිබෙන වග දැන ගන්නට ඇත.

මේ පිළිබඳව සී. අයි. ඩී. යෙන් විමර්ශණයක් පවත්වන බවද සැලයි.

සටහන
රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website