චන්ද්‍රිකා ගෙදරින් යන්න මාස දෙකක් ඉල්ලයි

හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය දැනට පදිංචි රජයේ නිවසින් ඉවත්වීම සඳහා මාස දෙකක කාලයක් ඉල්ලා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
තමන් බරපතළ සැත්කමකට ලක්වී සුවය ලබමින් සිටින බව ප්රකාශ කර ඇති හිටපු ජනාධිපතිනිය ප්රකාශ කර ඇත්තේ තමන්ට කොළඹ නිවසක් නොමැති නිසා අලුත්වැඩියා කරමින් පවතින නිවසක් සොයාගත් බවය. එම නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වෙනු ඇතැයි ප්රකාශ කරන හිටපු ජනාධිපතිනිය එම කටයුතු නිමවූ වහාම පිටවී යන බව ප්රකාශ කරන්නීය.
තමන් දැනට සිටින නිවසේම කුලී මුදල් ගෙවමින් ඉතිරි ජීවිතය ගතකිරීමට තමන් ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලූ නමුත් එයට ද අවස්ථාව නොලැබුණ බව එහිදී ඇය ප්රකාශ කරන්නීය.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website