පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබාගෙන රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවීම නිසා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය පසුගිය සැප් 11දා අවසර ලබාදුන්නේය.
රාජ්ය බලය අවභාවිතා කරමින් මෙම විදුලිය ලබාගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී චානක මහතාගේ ඉල්ලීමක් මත එවක විදුලි බල අමාත්ය රවී කරුණානායක මහතාගේ උපදෙස් හරහා බවත් අධිකරණ ඉදිරියේ හෙළිදරව් වී ඇති අතර ඉන්පසුව මෙම පෙත්සම ගොණු කිරීමත් සමඟ රෝයල් කෝ ඇක්වා කල්චර් (පුද්) සමාගම නැමැති කිසිඳු බැඳීමක් නොමැති පාර්ශවයක් විසින් මෙම මුදල් ගෙවා ඇති බවත් කරුණු අනාවරණය වී ඇත.
මෙම පෙත්සම අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම පෙත්සම් විභාගය සඳහා අවසර ලබාදී ඇති අතර ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයට මෙම නඩුකරය වෙනුවෙන් ඉදිරියේදී කරුණු දක්වන්නට සිදුවෙනු ඇත.
කේ. සංජීව








E-Paper