මහා පරිමාණ වී මෝල් හිමි සහල් නිෂ්පාදකයන් කීරි සම්බා සහල් සැපයීම සීමිතව කරනු ලබන නිසා එම සහල් වර්ගයේ පාලන මිල ඉහළ යන තත්ත්වයක් උදා වී ඇතැයි සහල් ව්යාපාරිකයෝ ප්රකාශ කරති.
තවමත් සහල් ඒකාධිකාරිය පවතින්නේ මහා පරිමාණ වී මෝල් හිමි, සහල් නිෂ්පාදකයින් දෙතුන් දෙනකු යටතේ බැවින් සහ ඒ ඒකාධිකාරිය හමුවේ ආණ්ඩුව වී අලෙවි මණ්ඩලයේ නිදිකිරණ තත්ත්වයක් උදා වී ඇතැයි ප්රකාශ කළ ගොවි සංවිධාන ප්රකාශකයකු වැඩි දුරටත් කියා සිටියේ, බලගතු ආණ්ඩුවක් යටතේ අන්තනෝමතිකව ක්රියා කරන මහා පරිමාණ සහල් මෝල් හිමියන් එක් පැත්තකින් ගොවියන් සූරා කෑමකට ලක් කරන අතර තවත් පැත්තකින් පාරිභෝගිකයාව දරා ගැනීමට බැරි තරම් අධික මිල උගුලක හිරකර ඇති බවයි.
සටහන
රංජිත් ජයසූරිය
- Loading stock data...







