ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉවත් කරගනී

මැදපෙරදිග අවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්ය විජිත හේරත් පැවසීය.
අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අදාළ කටයුතු වෙනත් ස්ථානයක සිට සිදු කරමින් පවතින බවයි.
යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇත. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි.
අමාත්යවරයා පැවසූයේ තුවාල ලැබූ ශ්රී ලාංකිකයන් ඊශ්රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්ය කටයුතු සොයා බලමින් සිටින බවයි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website