පසුගිය සැප්තැම්බර් 4දා සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයන් හකුලා ගන්නට නේපාලය තීරණය කර ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නේපාල අධිකරණයේ තීන්දුවක් ප්‍රකාරව නේපාල රජය එරට ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලාවන් තහනම් කරන්නට කටයුතු කළ අතර ඒ සමඟ නේපාලය තුළ විරෝධතා රැල්ලක් පැනනැඟි අතර එම තත්ත්වය තුළ පුද්ගල මරණ 19ක් වාර්තා විය.
GEN Z තරුණ විරෝධතාකරුවන්ගේ මෙම විරෝධතා රැල්ල නිසා පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා රුපියල් කෝටි ගණනක වටිනා රාජ්‍ය සහ පෞද්ගලික දේපල විනාශ වූ අතර ගැටුම් පාලනය කිරීම සඳහා සිය බලය භාවිතා කළ ආකාරය විවේචනයට ලක්වීමෙන් නේපාල ස්වදේශ කටයුතු ඇමති රමේෂ් ලේකාක් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ.
- Loading stock data...







