හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාව, පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවකට ගත් තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම 2026 පෙබරවාරි මස 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කොට ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන් ඔබේසේකර යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද ( 08 ) අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත්කර ඇති බව සඳහන් වේ.
තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් සමඟ අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ද පෙත්සම් 09ක් ඉදිරිපත්ව තිබු බව වැඩිදුරටත් සැල විය.
දමයන්ති








