පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල සංශෝධනයට

පාර්ලිමේන්තු ගෘහකාරක සභාව විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට තීරණයකර ඇති බව සඳහන් වේ.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත සිදු කෙරෙන මෙම සංශෝධනය පසුගිය මැයි මස 23 වැනි දින දරණ නීතිය පරිදි ආහාර මිල ගණන් විධායක ශ්රේණිය සඳහා රුපියල් 4,000කුත් විධායක නොවන සාමාජිකයකු සඳහා රුපියල් 2,500කුත් පරිදි මාසිකව අය කිරීමට තීරණයකර තිබිණ.
නමුදු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් නැවත කරනු ලබන ඉල්ලීම අනුව එම මිල ගණන්, දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව නැවත සංශෝධනය කිරීමේ දී විධායක ශ්රේණිය සඳහා රුපියල් 3,000කුත් විධායක නොවන සාමාජිකයකු සඳහා රුපියල් 2,000කුත් මාසිකව අය කිරීමට තීරණයකර ඇත.
ඒ අනුව එම නව මිල ගණන් එළැඹෙන ජූලි මස සිට 01වැනි දින සිට ක්රියාත්මක කෙරෙන බව වැඩ් දුරටත් සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website