ඊශ්‍රායලය සහ ඉරානය සාමකාමී සටන් විරාමයක

ඉරානයට ඊශ්රායලය විසින් ගුවන් ප්රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුව දෙරට අතර දින 12ක් තිස්සේ පැවැති යුධ ගින්න මේ වන විට අවසන් කරමින් සටන් විරාමයක් ප්රකාශයට පත්කර ඇත.
දෙරට අතර විරාමයෙන් පසුව ගෙවී යන පළමු දිනය තුළ ඉරානයේ හෝ ඊශ්රායලයෙහි වැසියනට
පිපිරීම් හෝ සයිරන් හඬවල් නොඇසුණු බව වාර්තා වී ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි.
සටන් විරාමයක් ප්රකාශයට පත්ව ඇති බවත් එය ක්රියාත්මක කරන බවත් දෙපාර්ශ්වයම ප්රකාශකර තිබෙනවා.
කෙසේ වෙතත් නවතම බුද්ධි අංශ වාර්තා අනුව ඉරානයේ න්යෂ්ටික මධ්යස්ථාන තුනකට එල්ල වූ එක්සත් ජනපද ප්රහාරවලින් එහි න්යෂ්ටික වැඩ සටහනේ මූලික අංගවලට හානියක් සිදුවී නැතැයි විදෙස් මාධ්ය වාර්තාකර තිබෙනවා.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website