යල කන්නයේ වී මිලට ගැනීම හෙට (03) ආරම්භ වීමට නියමිතව ඇත.
මෙහි දී කිලෝ ග්රෑමය වශයෙන් ගත් කළ නාඩු රුපියල් 120කටත්, සම්බා රුපියල් 125කටත්, කීරි සම්බා රුපියල් 132කටත් මිල දී ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කරනවා.
අස්වනු නෙලීම අම්පාර, මුලතිව්, මඩකලපුව යන දිස්ත්රික්කවල මේ වන විට ආරම්භ වී ඇති බවත් එම දිස්ත්රික්කයන්හී වී අස්වනු මිල දී ගැනීම පළමු අදියරේදීම ආරම්භ කරන බව ඔහු තව දුරටත් පවසා සිටියේය.
සංජනා මන්දාරි








E-Paper