සිසු සැරිය බස් රථයෙන් සිසුවකු ඇද වැටීමේ සිදූවීම සම්බන්ධයෙන් වයඹ පළාත් ප්රවාහන අධිකාරිය විසින් තාවකාලිකව එම බස් රථයේ සේවය කළ රියැදුරුගේ හා කොන්දොස්තරවරයාගේ සේවය තාවකාලිකව
අත් හිටුවා ඇත.
රියැදුරු හා කොන්දොස්තරවරයාගේ නොසැලකිලිමත්කමත් අපරික්ෂාකාරී රිය ධාවනයත් මෙම අනතුරට හේතුවී ඇති බව සිදූවීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන්කර තිබිණ.
ආරක්ෂාකාරී පියවරක් වශයෙන් පාසැල් දරුවන් සම්බන්ධයෙන් සලකා බලා වෙනත් රියැදුරකු සහ කොන්දොස්තරවරයකු අදාළ බස් රථයේ සේවය සඳහා යොදා ගන්නා
බව ද ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කොට තිබිණ.
සංජනා මන්දාරි








E-Paper