කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීම නොකරන ලෙසට ගුවන් තොටුපොළ කළමනාකාර අංශය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
කළමනාකාර අංශයේ ප්‍රධානී අරුණ රාජපක්ෂ පවසන්නේ ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම නිසා ගුවන් යානාවලට සහ එහි මඟීන්ගේ ජීවිතවලට යම් ආකාරයක අවදානමක් මතුව ඇති බවය.
වැඩි දුරටත් ඔහු පවසා සිටියේ ඒ අවට සරුංගල් යැවීමෙන් වලකින ලෙසත් එය නොසලකා හරින්නන්ටඑරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.
සංජනා මන්දාරි









E-Paper