ගලිගමුවේ දී බස් දෙකක් ගැටෙයි

අද උදෑසන 5ට පමණ කෑගල්ල ගලිගමුව ප්රදේශයේ දී බස් රථ දෙකක් එකට ගැටීමෙන් සිදු වූ අනතුරින් මඟීන් 21ක් පමණ තුවාල ලබා ඇති බව සඳහන් වේ.
එලෙස අනතුරට පත්ව ඇත්තේ වේරගොඩ සිට කෑගල්ල දෙසට ධාවනය වු ලංගම බසයක් සහ කෑගල්ල සිට රත්නපුරට ධාවනය වු පුද්ගලික බසයකි.
තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ රෝහල්වල ප්රතිකාර ලබමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website