ව්යාජ ඇටෝනි බලපත්රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියම කළේ, අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වැනිදා යළි කැඳවන ලෙස ය.
හිටපු අමාත්ය උදය ගම්මන්පිලට එරෙහිව
මෙම නඩුව ගොනුකර ඇත්තේ ඉකුත් යහපාලන රජය සමයේ ය.
ඒ, ව්යාජ ඇටෝනි බලපත්රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්යාපාරිකයකු වන බ්රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි.
කාංචනා








E-Paper