ව්‍යාජ දත්ත ඇතුළත් කොට ලියා පදිංචි කරන ලද ජීප් රථයක් ගැන සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය නීතිඥවරයකුගේ මාර්ගයෙන් අද (30) උදැසන වලාව මධ්‍යම දූෂණ ඒකකය වෙත බාර වෙයි.
ඔහුගේ බෑනනුවන් ද මීට පළමුව මෙවැන්නක් සම්බන්ධව පොලිසියට බාර වූ අතර මේ
වන විට ද රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව සඳහන්ය.
ව්‍යාජ දත්ත ඇතුළත් කොට ලියා පදිංචි කළ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකට අදාළව සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතු වන රසික විතානගේව ද
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදා හැරුණු බව මෙහි දී අනාවරණය විය.
සංජනා මන්දාරි








E-Paper